ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් පනවා ඇති ඉලක්ක සහ මිණුම්දඬු ශ්‍රී ලංකාව සාර්ථකව සපුරා ඇති බැවින්, මීළඟ මූල්‍ය වාරිකය ලබා ගැනීමට රට නිවැරදි මාවතේ පසුවන බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රට තුළ ඇති වූ හදිසි තත්ත්වය නිසා මෙම වාරිකය ලබා ගැනීම තරමක් ප්‍රමාද වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ශක්තිමත් ප්‍රගතියක් පෙන්නුම් කරන බව ද අවධාරණය කළේය.














