2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පැහැර හැරීම හේතුවෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නීතිපතිවරයාට නියෝග කළේය. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමෙන් මූලික හිමිකම් උල්ලංඝනය කළ බවට තීන්දු කරමින්, ප්‍රේමතිලක මහතාට රුපියල් මිලියන 3ක වන්දියක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස මීට පෙර නියෝග කර තිබුණද, ඔහු එය මෙතෙක් ඉටු කර නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලුණු අතර, ලබන මාර්තු 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුට නොතීසි නිකුත් කිරීමට ද නියෝග කෙරිණි.














