ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව සියලු රටවලට බලපාන පරිදි පොදු තීරුබදු පද්ධතියක් හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සිය වෙළඳපොළ පුළුල් කර ගැනීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙමගින් මීට පෙර පැවති තරඟකාරීත්වයට අහිතකර බලපෑමක් සිදු නොවන බවත්, නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම හරහා ඇමරිකානු වෙළඳපොළ තුළ නව ජයග්‍රහණ අත්පත් කර ගැනීමට මෙරට ව්‍යාපාරිකයන්ට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දුන් ඉලක්ක මේ වන විටත් සාර්ථකව සපුරා ඇති බැවින්, මීළඟ ණය වාරිකය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම් ඉලක්ක අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් පවතින බවත්, අපනයනකරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහ බදු සහන ලබා දීමට රජය නිරන්තරයෙන් මැදිහත් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














