වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති උසස්වීම්, වැටුප් ගැටලු සහ තවත් ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් වහාම ලිඛිත සහ සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි. තමන්ට අහිමි වූ අයිතිවාසිකම් දිනා ගැනීමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව පවසන එම සන්ධානය, මෙමගින් ජාතික ආර්ථිකයට හෝ ව්‍යාපාරික ප්‍රජාවට සිදුවන බලපෑම්වල සම්පූර්ණ වගකීම අදාළ බලධාරීන් භාරගත යුතු බව ද අවධාරණය කර සිටියි.














