ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන විස්සයි විස්ස (T20) සහ එක්දින (ODI) ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (23) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් සත්කාරකත්වය දරනු ලබන මෙම තරගාවලිය ලබන මාර්තු මාසයේදී එක්සත් එමීර් රාජ්‍යයේ සාර්ජා සහ ඩුබායි යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මාර්තු 13 වනදා සාර්ජාහිදී ආරම්භ වන අතර, අනතුරුව පැවැත්වෙන එක්දින තරගාවලිය මාර්තු 20 වනදා ඩුබායිහිදී ආරම්භ වනු ඇත.














