ඊසානදිග සිරියාවේ පිහිටි ඇමරිකානු හමුදාව සතු විශාලතම යුද කඳවුර වන හසාකා පළාතේ කස්රක් (Qasrak) කඳවුරෙන් හමුදා ඉවත් කර ගැනීම අද (23) ආරම්භ කර ඇති බව සිරියානු ආරක්ෂක අංශ ආරංචි මාර්ග තහවුරු කරයි. සන්නද්ධ රථ රැගත් ට්‍රක් රථ දස ගණනාවක් අද උදෑසන කඳවුරෙන් පිටව ගොස් ඉරාක දේශසීමාව දෙසට ගමන් කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය දශකය පුරා ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම කඳවුර භාවිත වූ අතර, වත්මන් සිරියානු රජය රටේ පාලනය තහවුරු කර ගැනීමත් සමඟ ඇමරිකානු හමුදාව මෙලෙස ඉවත් වීමට තීරණය කර තිබේ. මෙම සම්පූර්ණ ඉවත් වීමේ ක්‍රියාවලිය සඳහා සති කිහිපයක කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, පසුගිය සතිවලදී අල්-ෂඩාඩි සහ අල්-ටැන්ෆ් යන ප්‍රදේශවල පිහිටි කඳවුරුවලින් ද ඇමරිකානු හමුදා ඉවත් විය.














