රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ විශේෂ සහ තීරණාත්මක හෙළිදරව්වක් එළඹෙන මීළඟ පාර්ලිමේන්තු සභා වාරයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා අද (23) ප්‍රකාශ කළේය. මෙම හෙළිදරව්ව රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපයන් සහ ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් වනු ඇති බවට ඉඟි පළ කර ඇති මන්ත්‍රීවරයා, ඒ සඳහා අවශ්‍ය සියලු සාක්ෂි සහ ලේඛන මේ වන විට සූදානම් කර ඇති බව ද අවධාරණය කර සිටියි.














