මෙරටට පැමිණි නවවන ගල්අඟුරු නැව් තොගය ද ප්‍රමිතියෙන් තොර බව තථ්‍ය කාලීන දත්ත (Real-time data) මගින් තහවුරු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) ප්‍රකාශ කළේය. හෝමාගම කල්‍යාණාරාම අභිනවාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සාමාන්‍යයෙන් ගල්අඟුරු තොගයකින් මෙගාවොට් 300ක විදුලි උත්පාදනයක් අපේක්ෂා කළද, දකුණු අප්‍රිකානු සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් මෙම නවවන තොගයෙන් උත්පාදනය කළ හැකිව ඇත්තේ මෙගාවොට් 250ක් වැනි අඩු ප්‍රමාණයක් බවයි.














