කිලිනොච්චිය, ඉරණතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ අද (23) අලුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතුවල නිරත වෙමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දස දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. එහිදී මුහුදු කූඩැල්ලන් 1,232ක්, ඩිංගි යාත්‍රා 3ක් සහ කිමිදුම් උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම පල්ලමුනේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ත් 54ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන් සහ අදාළ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.














