කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ඉන්දියාවේ ප්‍රකට KIIT විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන ‘Lifetime Achievement Award’ ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ. බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය මෙන්ම ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් උන්වහන්සේ කළ මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් විය. ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන මෙම සුවිශේෂී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ද උන්වහන්සේ ඉතිහාසයට එක්වෙයි.













