2026 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (23) නිල වශයෙන් නිවේදනය කළේය.
මීට පෙර වසරවලදී මෙන් ග්‍රාම නිලධාරීන් නිවෙස් වෙත පැමිණ තොරතුරු ලබාගැනීම මෙවර සිදු නොකෙරේ. ඒ වෙනුවට තොරතුරු යාවත්කාලීන කිරීමේ වගකීම ඡන්දදායකයා වෙත පවරා ඇත.
තම නම ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් ඇතුළත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් හෝ පදිංචිය වෙනස් වීම් වැනි සංශෝධන සිදුකර ගැනීමට අවශ්‍ය අයෙක් වේ නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණ එම කටයුතු සිදුකරගත යුතුය
මෙයට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ද ඡන්ද හිමි නාමලේඛනයේ තම නම පවතින්නේ දැයි පරීක්ෂා කර බැලීමට සහ අවශ්‍ය මගපෙන්වීම් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.
2026 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා සුදුසුකම් ලැබීමට මෙම ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන බැවින්, කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.











