දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (24) උදෑසන කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය පැවතිය හැකි බැවින් රියදුරන් සහ මහාමාර්ග භාවිතා කරන්නන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.
අද දින කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, දකුණු පළාතේ මෙන්ම රත්නපුර, මොණරාගල සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














