එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් මහතා සති දෙකක නිල සංචාරයක් සඳහා අද (24) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් මෙරටට ළඟා වූ ඒ මහතාව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සංචාරය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඉහළ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














