මග්ගොන, කුඩාව ධීවර වරාය ආසන්නයේ ට්‍රැක්ටර්වල සවිකරන ලද යන්ත්‍ර (Winches) භාවිත කරමින් නීතිවිරෝධී ලෙස මාදැල් මසුන් ඇල්ලීමේ නිරත වූ පුද්ගලයකු ඊයේ (23) කළුතර දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී අදාළ කටයුතු සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථ දෙකක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තයේදී මිනිස් ශ්‍රමය භාවිත කළ යුතු වුවද, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් යාන්ත්‍රික බලය යොදාගෙන මෙලෙස මසුන් ඇල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු මග්ගොන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මුහුදු සම්පත් සහ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙවැනි නීතිවිරෝධී ක්‍රමවේද වැළැක්වීමට ධීවර දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කර ඇත. යාන්ත්‍රික බලය යොදාගෙන දැල් ඇදීම මගින් මුහුදු පත්ලේ පවතින ජෛව විවිධත්වයට හානි සිදුවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙති.














