වාද්දූව, මොරොන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදී අද (24) උදෑසන සිදුවූ දරුණු බස් රථ අනතුරින් බරපතල තුවාල ලබා සිටි එක් රියදුරෙකු මියගොස් තිබේ. පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර සිටි අතර, එහිදී එක් රියදුරෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති බව පොලිසිය තහවුරු කර තිබේ. එක් බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අනෙක් බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරත් සමඟ පානදුර – මොරොන්තුඩුව මාර්ගයේ ගමනාගමන කටයුතු ද තාවකාලිකව අඩාල විය.
වාද්දූව පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, මියගිය රියදුරුගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. රථවාහන පාලනය කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.














