‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව එළඹෙන මාර්තු 01 වැනිදා සිට ආරම්භ වන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත. විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ අරමුණින් නිකුත් කරන ලද 29/2025 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන තිබේ. මෙම සතිය පුරා මෙරට සියලුම රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ සංස්ථාවල නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් යුතුව විවිධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම විශේෂ සතිය තුළ රාජ්‍ය සේවකයින්, සිවිල් ප්‍රජාව සහ පාසල් දරුවන් ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ගොඩනැගීමට අදාළ ප්‍රචාරණ කටයුතු ද සිදු කෙරෙනු ඇත. මීට අමතරව බස් රථ, ත්‍රිරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා සම්බන්ධ කරගනිමින් විවිධ දැනුවත් කිරීමේ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රදේශයට ගැළපෙන අයුරින් තේමාවට අදාළ විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමට ද අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.














