ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩී ගෝල් (Paris Charles de Gaulle) ගුවන්තොටුපොළෙහි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළ බිම් මෙහෙයුම් සහ භාණ්ඩ ගබඩා කටයුතු සඳහා නව සේවා සපයන්නන් තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සීමිත තරගකාරී ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසු 04ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, මගීන් හසුරුවාලීමේ සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව Groupe Europe Handling ආයතනය වෙත පිරිනමා තිබේ. යුරෝ මිලියන 7.73ක වටිනාකමකින් යුතු මෙම කොන්ත්‍රාත්තුව 2026 අප්‍රේල් 01 වනදා සිට වසර 03ක කාලයක් සඳහා බලපැවැත්වේ.
මීට අමතරව, භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා කොන්ත්‍රාත්තුව France Handling Cargo ආයතනය වෙත යුරෝ මිලියන 1.90ක මුදලකට පිරිනමා ඇති අතර එය 2026 පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක කාලසීමාවකට යටත් වේ. මෙම නව සේවා ගිවිසුම් හරහා පැරිස් නුවර සහ කොළඹ අතර ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් ගමන්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.














