එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින මෙම තරගාවලිය ජුනි මස 12 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක තරගය ලෙස සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ජූලි මස 5 වනදා සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව මෙවර තරග වදින්නේ බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් ඇතුළත් ‘B’ කාණ්ඩයෙනි.
















