උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කරදීම සඳහා රුපියල් 500ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබූ ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක ලබන මාර්තු 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය. මරදමුනේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය සිය නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයේදී අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස කොටු කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
















