භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කින්නියා, කිරාන් ප්‍රදේශයේ මහවැලි ගංඟා නිම්නයෙන් ලබාගත් මහා පරිමාණ වැලි ගබඩාවක් වැටලීමට ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. එහිදී අනවසරයෙන් ගබඩා කර තිබූ වැලි කියුබ් 780ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිසියට ලද තොරතුරක් මත ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදුකර තිබේ. කලාපයේ පරිසර පද්ධතියට හානිකර ලෙස සිදුකෙරෙන මෙවැනි නීතිවිරෝධී වැලි ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද දන්වා සිටියි.














