මුල්ලේරියාව, අඹතලේ හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විකෘති කාමාශාවන් ඉටුකරන ලිංගික සේවා මධ්‍යස්ථානයක් වැටලීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේ. හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයේදී කාන්තාවන් තිදෙනෙකු සහ එහි හිමිකරු ලෙස කටයුතු කළ හෝමියෝපති වෛද්‍යවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. උපාය දූතයෙකු යොදවා සිදුකළ මෙම වැටලීමේදී විකෘති කාමාශාවන් ඉටුකර ගැනීමට භාවිත කරන විවිධ උපකරණ තොගයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
මෙම මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින්ගෙන් පැයක කාලයක් සඳහා රුපියල් හත්දහසේ සිට දසදහස දක්වා මුදලක් අය කර ඇති අතර, එහි සිටි කාන්තාවන් ලවා සේවාදායකයන්ගේ විකෘති කාමාශාවන් ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. වෛද්‍ය වෘත්තියට මුවා වී සිදුකළ මෙම නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය සහ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














