ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු යුවළක් වන රශ්මිකා මන්දන්නා සහ විජේ දෙවරකොන්ඩා ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ විකාශන අයිතිය වෙනුවෙන් නෙට්ෆ්ලික්ස් (Netflix) ආයතනයෙන් ලැබුණු ඉන්දියානු රුපියල් කෝටි 60ක දැවැන්ත පිරිනැමීමක් ප්‍රතික්ෂේප කර ඇති බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (The Times of India) පුවත්පත වාර්තා කරයි. තම ජීවිතයේ මෙම සුවිශේෂී අවස්ථාව වාණිජකරණය කිරීමට වඩා එහි පෞද්ගලිකත්වය (Privacy) සුරැකීම වැදගත් බව පවසමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර නිළි නයන්තාරා සහ විග්නේෂ් ශිවන්ගේ විවාහ වීඩියෝව සඳහා නෙට්ෆ්ලික්ස් ආයතනය රුපියල් කෝටි 25ක් ගෙවා තිබූ පසුබිමක, රශ්මිකා සහ විජේ වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම පිරිනැමීම ඊට වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගෙන තිබීම විශේෂත්වයකි.
ඔවුන්ගේ විවාහ උත්සවය 2026 පෙබරවාරි 26 වන දින රාජස්ථානයේ උදයපූර්හි පිහිටි ‘Mementos by ITC Hotels, Ekaaya Udaipur’ හෝටලයේදී ඉතා පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා ඇති අතර, එහි පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් අමුත්තන්ට ජංගම දුරකථන භාවිතා කිරීම පවා තහනම් කර ඇති බව වාර්තා වේ. පවුලේ සාමාජිකයන් සහ සමීප හිතවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍යය වර්තමානයේ ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ වැඩිම අවධානයට ලක්වූ මාතෘකාවක් බවට පත්ව තිබේ.














