දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය පාසල් 106ක අතරමැදි ශ්‍රේණි සඳහා චක්‍රලේඛ රෙගුලාසිවලට පටහැනිව සිසුන් 528 දෙනෙකු නීති විරෝධී ලෙස බඳවාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. හිටපු අධ්‍යාපන ලේකම්වරයකු විසින් 2024 අප්‍රේල් සිට ජුලි දක්වා කාලය තුළ මෙම බඳවා ගැනීම් සිදුකර ඇති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පවතින 17(2023) දරන චක්‍රලේඛය අනුව ශිෂ්‍යයන් ඇතුළත් කළ හැකි අනුමත කාණ්ඩ හතට කිසිදු සුදුසුකමක් නොමැති පිරිසක් මෙලෙස “හොර පාරෙන්” පාසල්වලට ඇතුළත් කර ඇති බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. සාධාරණීකරණය කළ නොහැකි හේතු පදනම් කර ගනිමින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.














