ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින තනතුරු 07ක් සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේම සේවය කර නියමිත පරිදි විශ්‍රාම ලැබූ, වයස අවුරුදු 65ට අඩු පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. I පෙළ ජේලර්, II පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක යන තනතුරු සඳහා මෙලෙස බඳවා ගැනීම් සිදු කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ. සී. ගජනායක මහතා සඳහන් කරයි.
මෙම බඳවා ගැනීම්වලට අදාළ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. විශ්‍රාමික නිලධාරීන්ගේ පළපුරුද්ද නැවත සේවය සඳහා යොදාගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.














