ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී පසුගිය වසරේ අත්පත් කරගත් ප්‍රගතිය සහ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කෙරුණු අතර, එම දෙපාර්තමේන්තුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති නෛතිකව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින බලතල සීමිත වීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සම්පාදනයට අදාළව ඉදිරිපත් කර ඇති සංශෝධන සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත්, එම නීතිමය බාධාවන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී සහතික විය. දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා පවතින ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් විමසා සිටි අතර, එහිදී කළමනාකරණ සේවා නිලධාරීන් සහ රියදුරන් ඇතුළු සේවක පුරප්පාඩු රැසක් පවතින බව අනාවරණය විය. මෙම අවස්ථාවට දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.














