ජිනීවා නුවරදී යුක්රේන සහ ඇමෙරිකානු නියෝජිතයන් අතර තීරණාත්මක සාකච්ඡා ආරම්භ වීමට පැය කිහිපයකට පෙර, රුසියාව විසින් යුක්රේනය පුරා දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. අද (26) අලුයම එල්ල වූ මෙම ප්‍රහාරය සඳහා රුසියාව ඩ්‍රෝන යානා 420 ක් සහ විවිධ වර්ගයේ මිසයිල 39 ක් භාවිතා කර ඇති බව යුක්රේන බලධාරීහු තහවුරු කරති. මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රධාන නගර රැසක බලශක්ති පද්ධති සහ නේවාසික ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇත.රුසියානු ආක්‍රමණය අවසන් කිරීමේ අරමුණින් යුක්රේන ප්‍රධාන සාකච්ඡාකරු රුස්ටෙම් උමෙරොව් (Rustem Umerov), ඇමෙරිකානු නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සමඟ ජිනීවා නුවරදී අද හමුවීමට නියමිතව තිබුණි. මෙම සාකච්ඡාවලදී යුක්රේනය නැවත ගොඩනැගීමේ “සමෘද්ධිමත් පැකේජය” (Prosperity Package) සහ සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව තිබියදී රුසියාව මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීම සාම ප්‍රයත්නයන්ට එල්ල වූ දැඩි බාධාවක් ලෙස සැලකේ. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා සිටියේ රුසියාව එල්ල කළ මිසයිල බොහොමයක් බටහිර මිත්‍ර රටවල් ලබා දුන් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමට හැකි වූ බවයි.ප්‍රහාරය හේතුවෙන් කියෙව් (Kyiv), කාර්කිව් (Kharkiv), සහ සපෝරිෂියා (Zaporizhzhia) වැනි නගරවල සිවිල් යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇත. පොල්ටාවා ප්‍රදේශයේ ගෑස් යටිතල පහසුකම් ද මෙම ප්‍රහාරයේ ඉලක්ක වී ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය විසන්ධි වී තිබේ. සාම සාකච්ඡා පවතින අතරතුර රුසියාව සිය ආක්‍රමණශීලී පිළිවෙත තවදුරටත් දැඩි කිරීම පිළිබඳව යුක්රේන විදේශ අමාත්‍යවරයා සිය කනගාටුව පළ කර ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාව මෙයට එරෙහිව දැඩි පියවර ගත යුතු බව














