හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හරහා සිවිල් වැසියන් ඝාතනය කිරීම කිසිදු හේතුවක් මත සාධාරණීකරණය කළ නොහැකි බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කරයි. ඊශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) ඇමතූ පළමු ආසියානු නායකයා බවට පත්වෙමින් අගමැතිවරයා සඳහන් කළේ ඉන්දියාව මෙම තීරණාත්මක මොහොතේ මෙන්ම ඉදිරියටත් පූර්ණ විශ්වාසයකින් යුතුව ස්ථිරවම ඊශ්‍රායලය සමඟ පෙනී සිටින බවයි.
දෙදින නිල සංචාරයක් සඳහා ඊශ්‍රායලය වෙත ඊයේ පැමිණි අග්‍රාමාත්‍ය මෝදිව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙන් ගුරියන් ගුවන් තොටුපළේදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී ආරක්ෂක, තාක්ෂණික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. මෙම සංචාරය ඉන්දු-ඊශ්‍රායල සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














