කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි 41,000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකය ඊයේ (25) සමත් විය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී දුම්වැටි කාටූන් 205ක් සොයාගෙන තිබේ
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි රේගු බදු ගෙවීම පැහැර හරිමින් විදේශයක සිට මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකය මඟින් මෙහෙයවනු ලබයි














