සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමයේ 46 වන වාර්ෂික සම්මේලනය සහ නිලවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ඉදිරිපත් වූ වාරණ නියෝග ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද (26) ප්‍රතික්ෂේප කළේය. සංගමයේ තාවකාලික වැඩබලන සභාපති සරත් ජයකොඩි, සංවිධායක අබ්දුල් මුණාෆ් සහ උපලේකම් කිත්සිරි ඇතුළු පිරිසක් විසින් DSP/39/2026 අංකය යටතේ පසුගිය 24 වන දින මෙම නඩුව ගොනු කර තිබුණි.
අධිකරණ තීන්දුවත් සමඟ අනුරාධපුර සමාධි විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත වාර්ෂික සම්මේලනය සහ නිලවරණය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව සංගමයේ සභාපති ආර්. සුදත් පාලිත, ලේකම් ටී. වසන්ත කුමාර සහ භාණ්ඩාගාරික කේ. මහේෂ් ලස්සන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නියමිත පරිදි කටයුතු සිදු කෙරෙනු ඇත.














