2026 වසරේ මුල් මාසය වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට තම අවම මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ජීවත් වීම සඳහා මසකට රුපියල් 16,730ක මුදලක් අවශ්‍ය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. දරිද්‍රතා මට්ටමට වඩා ඉහළින් සිටීම සඳහා අවශ්‍ය මෙම අවම පිරිවැය දිස්ත්‍රික්ක අනුව වෙනස් වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දරිද්‍රතා රේඛා සටහනේ දැක්වේ.
දිස්ත්‍රික් මට්ටමින් ගත් කල ඉහළම පිරිවැයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පුද්ගලයකුට මසකට රුපියල් 18,044ක මුදලක් අවශ්‍ය වේ. මීට ප්‍රතිපක්ෂව අවම පිරිවැයක් සටහන් වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රුපියල් 15,997ක් ලෙස දක්වා තිබේ.
මෙම දත්ත මගින් වත්මන් ආර්ථික තත්ත්වය තුළ සාමාන්‍ය වැසියකුගේ ජීවන වියදම පිළිබඳ වැදගත් ඉඟියක් සපයන අතර දරිද්‍රතාවයෙන් මිදී සිටීම සඳහා පුද්ගල ආදායම් මට්ටම් පැවතිය යුතු අවම සීමාවන් මෙහිදී අවධාරණය කෙරේ.













