ඉරානය විසින් අමෙරිකාවට එල්ල කළ හැකි මිසයිල නිපදවමින් සිටින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා සිදුකළ ප්‍රකාශය අමෙරිකානු බුද්ධි අංශ වාර්තා මඟින් තහවුරු වී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. සිය රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය (State of the Union) ඉදිරිපත් කරමින් ට්‍රම්ප් සඳහන් කළේ ඉරානය ලොව අංක එකේ ත්‍රස්තවාදී රාජ්‍යය බවත්, ඔවුන්ට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත්ය. කෙසේ වෙතත්, ඔහුගේ මිසයිල තර්ජනය පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන් බුද්ධි අංශ මට්ටමින් සාක්ෂි නොමැති බවට මේ වන විට සැක සංකා මතු වී තිබේ.
මේ අතර, ජිනීවා නුවර පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, වොෂින්ටනය සහ ටෙහෙරානය සමඟ සිදුකළ උපදේශනවලින් අනතුරුව යළිත් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මීළඟ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන සතියේදී වියානා නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඕමාන විදේශ අමාත්‍යවරයා තහවුරු කර ඇත. එසේම අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරානය සමඟ දිගුකාලීන යුද්ධයකට යාමේ හැකියාව ප්‍රතික්ෂේප කර ඇති බව ද විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.













