2008 වසරේදී කිරිඳිවැල, මාලිගාවත්ත ප්‍රදේශයේදී සිය බිරිඳට මිරිස් ගලකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ උපුල් රංජිත් පියංකර නමැති අයෙකුට ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පූලි මහතා විසින් අද (27) මරණ දඬුවම නියම කරන ලදී. 2008 ඔක්තෝබර් 4 වන දින විත්තිකරු සහ ඔහුගේ බිරිඳ වූ සුජීවා පුෂ්පකුමාරී අතර නිවසේ නිදන කාමරය තුළ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු විත්තිකරු මිරිස් ගලකින් පහර දී ඇයව ඝාතනය කර ඇති අතර, පසුව සිරුර නිවස පිටුපස පිහිටි කසළ වළකට දමා සඟවා තිබියදී කිරිඳිවැල පොලිසිය විසින් සොයාගෙන තිබුණි. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා සියල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව නිගමනය කළ විනිසුරුවරයා, ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන තෙක් විත්තිකරු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස නියෝග කළේය.














