බෙම්මුල්ල පොලිස් වසමට අයත් බාස්ලියැද්ද ප්‍රදේශයේ වෙල්යායක තිබී පිළිස්සී මියගිය 76 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ (26) දහවල් සොයාගත් අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ. බෙම්මුල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණය පිළිස්සීමකින් සිදු වූවක් වුවද මෙය කිසියම් ඝාතනයක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් සත්‍ය තොරතුරු සෙවීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවනු ලබයි. මළසිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) දින සිදු කිරීමට නියමිතව ඇති අතර, එහි වාර්තාව ලැබීමෙන් පසු මරණයට නිශ්චිත හේතුව අනාවරණය වනු ඇතැයි පොලිස් මූලස්ථානය විශ්වාසය පළ කරයි.














