කළුතර ප්‍රදේශයේ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක හදිසි ගින්නක් හටගෙන ඇති අතර ඉන් රබර් නිෂ්පාදන ඇතුළු දේපළ රැසකට බරපතළ හානි සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. ගින්න හේතුවෙන් ගබඩාව තුළ තිබූ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ගබඩාව අසල ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ගින්නට හසුව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර යාබද නිවසකට ගින්න පැතිර යාමේ අවදානම මඟහරවා ගැනීමට ද ඔවුන් සමත් විය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර දකුණ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.













