ගාල්ල – මාපලගම ප්‍රධාන මාර්ගයේ නාගොඩ ඉහළ ප්‍රදේශයේදී අද (27) සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. මාපලගම දෙසට ධාවනය වූ මෝටර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසක තාප්පයක වැදී මෙම අනතුර සිදුව ඇති බව නාගොඩ පොලිසිය පවසයි.














