2026 වර්ෂය සඳහා නිකුත් කරන ලද පාසල් සපත්තු වවුචරවල වලංගු කාලය මාර්තු 15 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. රුපියල් 3,000ක් වටිනා මෙම වවුචරවල මුල් වලංගු කාලය පෙබරවාරි 28 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි. මෙම වැඩසටහන යටතේ තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් සහ සිල් මාතා ආශ්‍රමවල අධ්‍යාපනය ලබන සිසුන්ට සපත්තු මිලදී ගැනීම සඳහා මෙම කාලය දීර්ඝ කිරීම අවස්ථාවක් වනු ඇත.














