රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජය සමඟ පවතින ගැටලු මුල්කරගෙන තම වෘත්තීය ක්‍රියාමාර්ග තවත් දැඩි කිරීමට තීරණය කර ඇත. වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා ලබාදුන් ලිඛිත එකඟතා උල්ලංඝනය කිරීම සහ ‘ආරෝග්‍යා’ ව්‍යාපෘතිය දේශපාලන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙන මෙම තීරණය ගෙන තිබේ. මේ අනුව වෛද්‍යවරුන් දැනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගවලට අමතරව තවත් නව ක්‍රියාමාර්ග කිහිපයක් දියත් කිරීමට නියමිතය.














