රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් මත්කරල් 20,000ක් සමඟ අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයෙකු පානදුර උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි. පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වයස අවුරුදු 19, 20 සහ 37 යන වයස්වල පසුවන පානදුර සහ එගොඩඋයන ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ රුපියල් 23,000ක මාසික කුලියකට ලබාගත් නිවසක රැඳී සිටිමින් මෙම මත්කරල් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














