සාලියපුර – තෙප්පම්කුලම ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් නිවෙස් හිමියා විසින් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙම පහරදීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත්තේ සාලියපුර ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














