අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බහුතරයක් තමන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බව පවසමින් ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති. ජනතාවගේ ගැටලු විසඳීම සඳහා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණද, ඇමතිවරුන් ඊට නිසි පරිදි ක්‍රියා නොකරන බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ජනතාව පෙන්වා දෙන අතර, මාධ්‍යවේදීන් ද පවසන්නේ නිලධාරීන් සහ මැති ඇමතිවරුන් බහුතරයක් ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවයි. මෙම සම්බන්ධයෙන් වහා සොයා බැලීමක් කරන ලෙස ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.














