ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගර මධ්‍යයට අද (28) අලුයම එල්ල වූ ප්‍රහාරවලින් පසුව, නගරයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් ද අලුතින් ප්‍රබල පිපිරීම් රැසක් වාර්තා වී ඇති බව ෆාර්ස් පුවත් ඒජන්සිය තහවුරු කරයි. ඉශ්‍රායෙලය සහ අමෙරිකානු හමුදා එක්ව දියත් කරන මෙම පූර්ව අනතුරු ඇඟවීමේ මෙහෙයුම හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුධමය අර්බුදයකට පත්ව තිබේ.
ප්‍රහාර මාලාව නගරයේ උතුරු සහ නැගෙනහිර තදාසන්න ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වීමත් සමඟ අගනුවර වැසියන් දැඩි භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙමින් පවතින බව වාර්තා වේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීම සඳහා ඇමරිකානු සහ ඉරාන නිලධාරීන් අතර තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙන මොහොතක මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයකි.














