ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරය මාස ගණනාවක් පුරා වොෂින්ටනය සමඟ ඉතා සමීපව සම්බන්ධීකරණය කරමින් සැලසුම් කරන ලද එකක් බව ඊශ්‍රායල ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම මෙහෙයුම හදිසි ප්‍රතිචාරයක් නොව, ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල සහ අමෙරිකානු බලධාරීන් මාස ගණනාවක් තිස්සේ සූදානම් වූවක් බව සඳහන් වේ.
ප්‍රහාරය එල්ල කරන දිනය මීට සති කිහිපයකට පෙර තීරණය කර තිබූ අතර, සැලසුම් සහ සම්බන්ධීකරණ කටයුතු අමෙරිකානු රජයේ පූර්ණ අනුදැනුම සහ සහයෝගය මත සිදු වී ඇති බව වාර්තා වේ.














