ඉරානයට එල්ල කළ අමෙරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයෙන් පසු, ඉරානය විසින් බහරේනයේ පිහිටි එක්සත් ජනපද නාවික හමුදාවේ 05 වන බලඇණියේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව බහරේන බලධාරීන් තහවුරු කරයි.
මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය වශයෙන් පවතින යුධමය උණුසුම තවත් උත්සන්න වී ඇති අතර, ආරක්ෂක අංශ විසින් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබේ.














