ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග ගමනාන්ත රැසක් වෙත ක්‍රියාත්මක වන ගුවන් ගමන් අවලංගු කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් පියවර ගෙන තිබේ. තුර්කි ගුවන් සේවය විසින් කටාර්, කුවේට්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් දහයක් වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දැමීමත් සමඟ කටාර් ගුවන් සේවය ද සියලුම මෙහෙයුම් නතර කර ඇති අතර, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ආරක්ෂක පියවරක් ලෙස සිය ගුවන් සීමාවන් වසා දැමීමට කටයුතු කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් කලාපය හරහා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් සියල්ලටම දැඩි බලපෑම් එල්ල වී තිබේ.














