– වැලිගම තරංග ගුණරත්න
වැලිගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී (ජාතික ජන බලවේගය) සහ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරී මනෝජ් උදයකර මහතාගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබේ. මෙම පුණ්‍යකර්මය හෙට, එනම් මාර්තු 01 වන ඉරිදා දින පෙරවරු 8:00 සිට පස්වරු 4:00 දක්වා වැලිගම, පැලෑන ශ්‍රී වජිරඤාණ විද්‍යාලීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව මනෝජ් උදයකර අනුස්මරණ කමිටුව නිවේදනය කරයි.
මනෝජ් උදයකර මහතා ප්‍රදේශයේ ජනතාව අතර ඉතා ජනප්‍රිය මෙන්ම ක්‍රියාශීලී දේශපාලන සහ රාජ්‍ය නිලධාරියෙකු වූ අතර, ඔහු සිහිපත් කරමින් සිදුකරන මෙම මානුෂීය මෙහෙවර සඳහා එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ප්‍රදේශවාසී ලේ දායකයින්ගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම වත්මන් සෞඛ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් රුධිර බැංකුවල පවතින අවශ්‍යතාවය සපුරාලීමට මෙම ලේ දන්දීමේ කඳවුර මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














