කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින්, කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ ගුවන් කලාපයන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට ද සිදු විය. මැදපෙරදිග ගුවන් කලාපය හරහා සිදු කෙරෙන සියලු ගුවන් ගමන් අද (28) නතර කිරීමත් සමඟ මෙරටින් පිටවීමට නොහැකිව කොටු වූ විදේශිකයන් සඳහා දින 07ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමට ද ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම තත්ත්වය හමුවේ කුවේට් සහ බහරේන් වැනි රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එරට රජයන් නිකුත් කරන ආරක්ෂක උපදෙස් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසත් තානාපති කාර්යාල දැනටමත් නිවේදනය කර ඇත.














