මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරානය සතු මිසයිල බලය සහ ඒවායේ ගමන් පථයන් දැක්වෙන විශේෂ ‘තර්ජන සිතියමක්’ (Regional Threat Map) ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම සිතියම මගින් ඉරානය සතු කිලෝමීටර් 300 සිට කිලෝමීටර් 3,000 දක්වා විහිදෙන මිසයිල පරාසයන් නිරූපණය කර ඇති අතර, එමගින් මැදපෙරදිග කලාපය පමණක් නොව යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ කොටස් ද ඉරාන මිසයිල ප්‍රහාරවල සෘජු තර්ජනයට ලක්ව ඇති බව ඊශ්‍රායලය පෙන්වා දෙයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ ඉරානය සතු ‘ෆාටා’ (Fattah) සහ ‘කෝරාම්ෂර්’ (Khorramshahr) වැනි මිසයිල පද්ධති මගින් දහස් ගණනක් දුරින් පිහිටි ඉලක්ක වෙත පවා ඉතා නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවයි. විශේෂයෙන්ම ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමෙන් පසුව ඉරානය විසින් සිය මිසයිල පරාස සීමාවන් ඉවත් කර ඇති බවත්, මෙය ලෝක සාමයට දැඩි තර්ජනයක් බවත් ඊශ්‍රායලය අවධාරණය කරයි. මේ අතර, ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කරන්නේ ඉරානය විසින් සිය මිසයිල ගබඩා ප්‍රධාන නගරවලින් බැහැර රහසිගත භූගත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි.














