ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයත් සමඟ, පිටුවහල් කර සිටින ඉරාන ඔටුන්න හිමි රේසා පහ්ලවි (Reza Pahlavi) කුමරු ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. “කමේනි යුගය අවසන්” බව පවසන ඔහු, දශක හතරකට වැඩි කාලයක් පැවති ඉස්ලාමීය පාලන තන්ත්‍රය දැන් බිඳ වැටෙමින් පවතින බව අවධාරණය කළේය.
ඉරාන හමුදාව, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ ආරක්ෂක අංශ වෙත සෘජු ආයාචනයක් කරන පහ්ලවි කුමරු, බිඳ වැටෙන පාලන තන්ත්‍රයක් ආරක්ෂා කිරීමට දරන ඕනෑම උත්සාහයක් අසාර්ථක වනු ඇති බව පවසා ඇත. නිදහස් හා සෞභාග්‍යමත් අනාගතයක් කරා ඉරානය ස්ථාවරව මෙහෙයවීමට ජාතිය සමඟ එක්වන ලෙසත්, එය ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කමේනිගේ අභාවයත් සමඟ ඉරානය තුළ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් අපේක්ෂා කරන පිරිස් පහ්ලවි කුමරු වටා රොක් වෙමින් පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














