ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ, ඔහු වෙනුවට නව විදේශීය පුහුණුකරුවෙකු පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ. විදේශීය පුහුණුකරුවන් කිහිප දෙනෙකු සමඟ විධිමත් සාකච්ඡා පැවැත්වෙන බව SLC ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා තහවුරු කළ අතර, එළඹෙන මාර්තු මස මැදදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී (UAE) පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්ථාන තරගාවලියට පෙර නව පුහුණුකරු පත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
ජයසූරියගේ පාලන සමයේදී ශ්‍රී ලංකාව තරග 75කට ක්‍රීඩා කර ජයග්‍රහණ 34ක් වාර්තා කළේය.














