දශක හතරකට ආසන්න කාලයක් ඉරානය පාලනය කළ එරට උත්තරීතර ආගමික නායක අයතුල්ලා අලි ඛමේනි, ඇමෙරිකානු සහ ඉශ්‍රායල හමුදා එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින් මියගොස් ඇති බව තහවුරු වීමත් සමඟ ඉරාන අගනුවර වන ටෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර රැසක ජනතාව වීදි බැස සිය සතුට ප්‍රකාශ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මෙම පුවත තහවුරු කර ඇති අතර, එය එරට පවතින පාලන තන්ත්‍රයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.
ප්‍රහාරවලින් පසු ඉරානය පුරා දුරකථන සහ අන්තර්ජාල සේවා අඩපණ වී තිබුණද, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝ දර්ශන මගින් ටෙහෙරාන් නුවර වැසියන් නැටුම් ගැයුම් පවත්වමින්, රථවාහන නළා හඬවමින් සහ “නිදහස, නිදහස” යනුවෙන් හඬ නගමින් සැමරුම් පවත්වන අයුරු දැකගත හැකිය.














